Mobile DJ කෙනෙක් වෙන්නේ කොහොමද ? (Part 1: Mobile DJsලා වර්ග)


ඉස්සෙල්ලම බලමුකෝ Mobile DJ කෙනෙක් කියන්නේ කවුද කියල. වචනයේ අර්ථයෙන්ම Mobile DJ කෙනෙක් කියන්නේ Bookings වලට තැන තැන යන DJ කෙනෙක්. අපි Party එකක් හරි wedding එකක්හරි තියෙද්දී DJ කෙනෙකුට එන්න කිවුවම අපි කියන තැනට එය Sound gears අරගෙන ඇවිත් play කරලා ඉවර උනාම ආයේ යනවා. බඩු අරගෙන යන්න Sound crew එකක් එක්කෙනෙක් දෙන්නෙක් එහෙමත් සමහර වෙලාවට මෙයාලට ඉන්නවා. 
Mobile DJs ලා වර්ග 3ක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. ඉස්සෙල්ලම ඔයා තීරණය කරගන්න මෙයින් මොන වර්ගයේ ඩීජේ කෙනෙක් වෙන්නද ඔයා කැමති කියල.

1. Part-time DJs
මෙම වර්ගයේ Mobile DJsලට හොඳ අවස්තාවක් තියෙනවා තමන් පුර්නකාලීනව කරන වෙනත් රැකියාවක්, තමන්ගේ නිවස / පවුල සහ DJing  අතර හොඳ සමබරතාවයක් පවත්වා ගෙන යමින් අමතර ආදායමකුත් හොයාගන්න.
ඒක හරියට සින්දු කියන දොස්තරවරු නීතිඥයෝ ඉන්නවා වගේ තමයි. මෙයාල ඒක කරන්නේ විනෝදාංශයක් හැටියට පමණක්ම නෙවෙයි. ආදායමකුත් හම්බ කරගන්න. ඔලුවට ලොකු බරක් කරගන්නේ නැතුව. 
මේ වර්ගයේ කට්ටිය අතරේ තරඟය අඩුයි. ගොඩක් වෙලාවට තමන්ගේ DJ pattern එක, ආසම Music style එක වෙනස්කරන්නේ නැතුව බොහොම නිදහසේ කටයුතු කරන්න මෙයාලට පුළුවන්.


2. “All-Or-Nothing DJs”
Mobile DJස්ලාගෙන් උඩින්ම ඉන්න 5%ක් වගේ ප්‍රමාණය තමයි මේ Category එකට අයිති වෙන්නේ. මෙයාලට All-or-Nothing කියන්නේ, මෙයාල සෑහෙන ස්ථාවරයි. කරන වැඩේ උපරිම හොඳට උපරිම වියදමක් කරලා කරනවා. අය කිරීමත් එහෙමයි. Corporate events වගේ ඒවා කරන්නේ මෙයාල තමයි. ඒවගේ දෙකට ලොකු මුදලක් මුලදී යට කරන්නත් වෙනවා. Low budget යන Parties, weddings එහෙම මෙයාල ගන්නේ නෑ. සාමාන්‍යයෙන් මෙයාල අවුරුද්දකට රුපියල් කොටියක වගේ ආදායමක් මෙයාල ලබනවා. පුර්නකාලීනව DJ වලට කැපවෙලා ඉන්නේ. කොහොමත් සතියකට අර වගේ ලොකු events තුනක්  හතරක් මෙයාල play කරනවා. DJස්ලා ලිස්ට් එකක් හැදුවොත් එකේ හොඳම දෙතුන් දෙනා අතර ඉන්න තමයි මෙයාල හැම වෙලේම බලන්නේ. තමන්ගේ DJ gear අලුත් කරගන්න, Advertising campaign වගේ ඒවාට මෙයාල ගොඩක් වියදම් කරනවා. Corporate events වලට අමතරව මෙයාල අනෙක් ප්‍රධානම ඉලක්කය තමයි high-end weddings. 

ගොඩක් වෙලාවට මේ DJලා යටතේ තවත් DJලා වැඩ කරනවා. එකම දවසේ එන high budget event එකකට යවන්න හරි තමන් යන්න අකමැති low budget event එකකට යවන්න හරි තමයි එයාල යොදාගන්නේ. 


3. “Break-even DJ”
Mobile DJස්ලගෙන් 70%ක් විතර මේ වර්ගයට අයත්.
ගොඩක් වෙලාවට මෙයාල ආධුනික ය. කුමක්හෝ මාර්ගයකින් DJ වෘත්තියට ආවට පස්සේ ඒකෙ රැඳවී පවතින එක තමයි මෙයාලගේ ලොකුම කාර්යය. DJ වෘත්තීය දිගට කරගෙන යාමට අවශ්‍ය මුදල් සොයාගැනීමට මොවුන් ඕනෙම event එකක් party එකක් play කරන්න පසුබට වෙන්නේ නෑ. මොවුනුත් සාමාන්‍යයෙන් මසකට රුපියල් 30000ක් 40000ක් හොයනවා. bookings එන විදියට මේක මීට වැඩිය වැඩි වෙන්නත් පුළුවන්. කිසිම booking එකක් නැති වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට, ලංකාවේ පෙබරවාරි මාසේ මේ වගේ DJsට bookings අඩුයි. හේතුව ඒ මාසේ weddings ගන්නේ බොහොම අඩුවෙන් නිසා.
weddingsම නැතත්, අර කලින් category එකේ DJsට set වෙන විදියේ high end bookings එහෙමත් මෙයට හම්බ නොවෙනවම නෙවෙයි. සමහරවිට අවුරුද්දටම එහෙම ඒවත් දෙක තුනක් එනවා.


Break-even DJස්ලා හැම වෙලේම බලන්නේ All-or-nothing DJ කෙනෙක් වෙන්න. All-or-nothing DJස්ලා බලන්නේ එයාලගේ තැන රැකගන්න. හැබැයි All-or-nothing DJ කෙනෙක් හරියට වැඩේ නොකලොත් එයත් වැටෙනවා Break-even DJ කෙනෙක්ගේ තත්වෙට. උනන්දුව තියෙන Break-even DJ කෙනෙක්  All-or-nothing DJ කෙනෙක්ගේ තත්වෙට උසස් වෙනවා. ඕක තමයි යතාර්ථය. හැබැයි Part-time DJ කෙනෙකුට මේ එකක්වත් ප්‍රශ්න නෙවෙයි. එයා DJ කරන්නේ විනෝදාංශයක් විදියට. ඒකෙන් අමතර ආදායමක් ලැබුනත් නැතත් එයාට වෙන රස්සාවක් තියෙන නිසා ප්‍රශ්නයක් නෑ.
දැන් මොන විදියේ DJ කෙනෙක්ද වෙන්න ඕනේ කියල ඔයා තීරණය කලානම් අපි ඊළඟට බලමු ඒකට අවශ්‍ය වටපිටාව සහ අපේ Mindset එක හදාගන්නේ කොහොමද කියලා. හමු වෙමු ඊළඟ episode එකෙන්.

Comments

Popular Posts